How To Open Skril

Open Hearts

How To Open Skril

මම දැන් කියලා දෙන්නේ ඔයාගේ ගිණුමට මුදල් තැන්පත් කරන්නේ එන ලාභ ආපසු ලංකාවට ගන්නේ කොහෝමද කියන එක. මේක ඉතින් එතරමි ලොකු දෙයක් නෙමෙයි. හරිම ලේසි. ඉතින් මුල ඉදලම යන අයට වැදගත් වෙන නිසයි මේ ලිපියෙන් මම ඒ ගැන පැහැදිලි කරලා දෙන්න හිතුවේ.

Skrill (Moneybookers)
Skrill (ඉස්සර විදිහට Moneybookers) තමයි Online Payment Processors ලා අතරින් මම කැමතිම account එක. වැඩි කරදරයක් නැතුව activate කරන්න පුළුවන් වීමත්, ලේසියෙන්ම bank transfer එකක් හරහා ලංකාවට මුදල් ලබා ගැනීමේ හැකියාවත් Skrill accounts වලට විශේෂයි.

මේකට ඔයාලට බැංකු ගිණුමක් ඕන වෙනවා ඩෙබිට් කාර්ඩ් එකකුත් මම නම් අනුමත කරන්නේ HNB  බැංකුව තමයි මේකේ පුලුවන්නම් ගිණුමක් ඔපෙන් කරන්න තියන කට්ටිය ඕන නැ commercial bank හොදයි සමහර කට්ටියට ප්‍රශ්න අවා

Skrill account registration Page 
https://goo.gl/LYjb9b  එකට යන්න . එවිට ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් දර්ශනය වේවි


දැන් ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න මෙහිදී ඔබ අලුතෙන්ම email එකක් හදාගන්නවනම් හොදයි. ඒ email එකවෙනත් site වල register වෙන්න facebook account හදන්න බාවිතා කරන්න එපා .
හොද ශක්තිමත් password එකක් යොදාගන්න ,simple ,capital ,numbers ,special symbols ඇතුළුව.
දැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි .

මෙහිදී ඔබගේ බැංකු ගිණුමේ නම සදහන් වන ආකාරයට නම සදහන් කරන්න සැලකිලිමත් වන්න .
දැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි .



මෙහිදී ඔබගේ address එක නිවැරදිව ඇතුලත් කරන්න ,මොකද ඔබට address verify කිරීමට සිදුවෙනවා .post code එක ගැන ඔබ දැනටමත් දැනුවත් වෙලානේ ඉන්නේ .ඔබගේ post code එකද නිවැරදිව සදහන් කරදැන් nextකර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි 


දැන් ඔබ සාර්ථකව skrill account එකක් සාදාගන අවසානයි. දැන් ඔබගේ email box එකට ගිහිල්ලා Skrill එකෙන්එවල තියන email එක මගින් ඔබගේ email address එක verify කරගන්න .
දැන් ඔබට ඔබගේ skrill account එකට log විය හැකිය .

ඔබගේ skrill account එක මේ ආකාරයෙන් දිස් වේවි .


ගොඩක් දෙනෙක් දැන් MoneyBookers හෙවත් Skrill පාවිච්චි කරනවනේ. කොහොමද MoneyBookers හෙවත් Skrill වලින් සල්ලි අතට ගන්නේ කියලා ඔයාලට ගැටලුවක්නම්. ඔන්න  කියලා දෙන්න යන්නේ ඒ ගැන. ඕනම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්. මම උදාහරණයකට ගන්නේ HNB එක

මෙතනදි කියන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාගෙ බැංකු පොතේ තියෙන නමයි MoneyBookers Account එකේ තියෙන නමයි සමාන වෙන්න ඕනෙ. 
නැත්නම් MoneyBookers වලින් Transfer එක ප්‍රතික්ෂේප කරනවා. 

හරි මුලින්ම MoneyBookers වලට ලොග් වෙන්න. දැන් මේ Add a Bank Account කියන තැනට යන්න. 
දැන් Country කියන තැනට Sri Lanka දෙන්න. Swift Code කියන තැනට ඔයාගේ බැංකුවට අදාල Swift Code එක දෙන්න.
HNB බැංකුවට නම් දෙන්න ඕනෙ HBLILKLX කියන Swift Code එක. වෙනින් බැංකුවකට නම් ඒකට හරියන Swift Code එක http://www.theswiftcodes.com/sri-lanka/
බැංකුවේ Swift එක දැම්මට පස්සේ බැංකුව Confirm වෙනවා. 
ඊට පස්සේ පහත පරිදි බැංකුවේ Account Number එක දෙන්න. හරියටම බැංකු පොතෙන් බලලා දාන්න. 
Number එක වෙනස් උනොත් සල්ලි යන්නේ වෙන කෙනක්ට කියලා අලුතෙන් කියන්න ඕනෙ නෑනේ.

ඔන්න ඕක දැම්මට පස්සේ වැඩේ හරි. දැන් තියෙන්නේ සල්ලි ගන්න. ඒක කරන්න උඩම තියෙන Withdraw Tab එකට යන්න. 
ගිහින් ඔයාට Withdraw කරන්න කැමති ගාන දාලා Payment එක Confirm කරන්න.


දින දහයක් ඇතුලත සල්ලි ටික ඔයාගෙ බැංකුවට ඇවිත් තියේවි. හැබැයි බැංකුවෙන් බැංකුවට Swift Transfer Charges වෙනස්. සමහර බැංකු වලින් Rs. 400 වගේ ගන්නවා කියලා මං අහලා තියෙනවා. කොයි එකටත් ටිකක් ලොකු ගානක් එක පාර ගන්න එක වාසියි.

0 comments :

Post a Comment