Lesson 1 Forex
පලවෙනි පාඩම
ඔබ මුල්‍ය වෙළද පොලට පිවිසිමට පෙර සැබැවින්ම මේ පිළිබදව නිසි අවබෝධයෙන් සිටිය යුතුය. Forex යනු කුමක්ද , මෙයින් සිදුවන්නේ කුමක්ද යන්න ඔබට අවබෝධයක් තිබිය යුතුයි. එසේ නොමැතිව මුල්‍ය වෙළද පොල ගණුදෙනු සිදුකරන්නට යැම සැබැවින්ම එතරමි හොද ක්‍රියාවක් නොවේ. එසේනමි මේ තුලින් ඉදිරිපත් කරන පළමු ලිපියෙන් මා ඔබට Forex යනු කුමක්ද ? එයින් සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව වටහා දීමට උත්සහ කර ඇත. නිසි පරිදි අධ්‍යනය කරන්න. මෙය ඉතා සරල මාතෘකාවකිForex යන වදන අප පහසුවට භාවිතා කළත් මෙය නිසියාකාරව පවසනවානමි Foreign Currency Market(විදේශිය මුදල් වෙළද පොල) යන්නයි. අද බොහෝ දෙනෙක් Foreign Currency Market පිළිබදව දැන සිටියද Forex ගැන නොදනි. හේතුව මෙම වදන බොහෝ පුද්ගලයින්ට නුහුරැ වදනක් වන නිසාය. කෙසේ වුවද Foreign Currency Market යනු විදේශිය මුදල් හුවමාරැ වෙළද පොල බව මා ඉහතින් සදහන් කර ඇත. විදේශිය මුදල් වෙළද පොල යනු ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන මුදල් වර්ග එනමි EURO , USD , JPY , AUD ,GPB ආදි මුදල් වර්ග එකිනෙකට හුවමාරැ වන ස්ථානයයි. විමසා බැලුවහොත් ලංකාවේ කොටස් වෙළද පොල(Colombo Stock Exchange) වැනිම දෙයකි. අප රටේ පවතින වැදගත් ආයතනවල කොටස් (Share) කොළඹ කොටස් වෙළද පොල හරහා කොටස් ගැනුමි කරැවන් අතර හුවමාරැ වි අදාල ආයතන සදහා ආයෝජන රැස්වෙනවා සේ මුල්‍ය වෙළද පොලේ(Forex Market) ඇති විදේශිය මුදල් වර්ගද එකිනෙක ගැනුමි කරැවන් හා විකුනුම කරැවන් අතර හුවමාරැ වි එම එක් එක් විදේශිය මුදල් වල මිල තිරණය විමයි. එසේම ලෝක මුල්‍ය වෙළද පොලේ මිල තීරණය වන්නේ ලොව තුල සිදුවන්නාවු ආර්ථිකමය සිදුවිම මතය. ප්‍රධාන වශයෙන් ලෝක බලවතුන්ගේ මහ බැංකු පද්ධතිය මෙයට ප්‍රධාන වශයෙන්ම සමිබන්ධයක් දක්වයි. එනමි America , England , Australia , New Zeal and , Japan , Europe ආදි රටවල් තුල ඇති ආර්ථිකමය තත්වයන් ප්‍රධාන වශයෙන්ම මෙම මුල්‍ය වෙළද පොළට බලපානු ලබයි. නමුත් ඒ අදාල මුදල් වර්ගයන්ට පමණි. මෙය තවත් පැහැදිලි ලෙස පහතින් විස්තර කර ඇත.
මා ඉහතදි ලෝක ආර්ථිකය පිළිබදව අවබෝධයක් ඔබට ලබා දි ඇති අතර දැන් අප ප්‍රධාන වශයෙන් මෙම ලෝක ආර්ථිකයේ සිදුවීමි මුල්‍ය වෙළද පොළට බලපාන්නේ කෙසේද යන්න විමසා බැලීම වටි. මන්ද ප්‍රධාන මෙම ආර්ථිකමය වෙනස් වීමි අපට හදුනා ගත හැකිනමි වඩාත් පහසුවෙන් මුල්‍ය වෙළද පොලේ ගණුදෙනු කළ හැකි බැවිනි. එබැවින් මේ සමිබන්ධ අවබෝධයක් තිබිව වැදගත්ය. කෙසේ නමුදු මෙය වඩාත් හොදින් පැහැදිලි කර ගැනීමට අපට ලංකාවේ කොටස් වෙළද පොළ උදාහරණයකට ගත හැකිය. සාමාන්‍යෙයන් ලංකාව තුල සිදුවන ආර්ථිකමය වෙනස් වීම , සාමාජීය බලපැමි (කල කෝලාහාල , යුද්ධ , ආර්ථිකය කඩා වැටිමි ආදි දැ) ප්‍රධාන වශයෙන්ම කොටස් වෙළද පොලට බලපෑම කරන බව අපි දනිමු. යුද්ධය තිබු අවස්ථාවේ ලංකාවේ කොටස් වෙළද පොළ තුල විශාල ආයෝජනයන් සිදු වුයේ නැත. හේතුව යුද්ධයන් මගින් දේපොල විනාශ වන බැවින් ආයෝජනය කිරීමට ආයෝජකයන් දක්වන මැලිකමයි. එබැවින් එදවස කොටස් වෙළද පොලේ දැඩි පසුබෑමක් විය. මෙ ආකාරයෙන්ම ලෝක මුල්‍ය වෙළද පොළටද විවිධා කාරයේ බලපෑම එල්ලවේ. යමි අවස්ථාවක හොද බලපැමි ද , කඩා වැටිමට හේතුවිය හැකි බලපෑම ද මේ අතර වේ. මේ මෑතකදි ග්‍රීසියේ සිදුවු දැවැන්ත ආර්ථික කඩා වැටීම ලෝක මුල්‍ය වෙළද පොලේ යුරෝ(EURO) මුදල් ඒකකයට දැඩි බලපෑමක් එල්ල කරමින් එය පසුබෑමකට ලක් කලේය. මන්ද ග්‍රීසිය යනු යුරෝපා රටක් බැවිනි. එබැවින් එහි භාවිතා වන්නේ යුරෝ මුදල් ඒකකයි. මේ හේතුව නිසා යුරෝ හුවමාරැ වන වෙළද පොලේදි අනෙක් මුදල් වර්ගයට සාපෙක්ෂව යුරෝව කඩා වැටුනි. එනිසා මෙවැනි ආකාරයේ හේතුන් හා සිදුවීමි විශාල වශයෙන් මුල්‍ය වෙළද පොළට බලපාන බව ඔබ අනිවාර්්‍යෙයන්ස අවබෝධ කර ගත යුතු අතර ඒ පිළිබදව සුලු හෝ අවධානයකින් සිටිය යුතුය. එවිට මුල්‍ය වෙළද පොළ ගනුදෙනු වලින් ලාභ ලැබීම ඉතා පහසුය. කෙසේ වුවද යමි මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් ඒකකයක් සමිබන්ධව ලෝක ආර්ථිකයේ හෝ ඒ අදාල රටෙන් තොරතුරැ(News ) අපට ලැබුනේනමි ඒ පිළිබදව අවධානයෙන් සිටිමෙන් අපට සාර්ථක Forex වෙළදාමක් කළ හැකි වනු ඇත.
එසේම මෙවැනි රටවල් වල ආර්ථික තත්වයන් මෙන්ම ඒ ඒ රටවල ප්‍රධාන බැංකු විසින් සිදුකරන ආයෝජනයන් , රැකියා කප්පාදු කිරීමි , කලකොලාහලද මෙම මුල්‍ය වෙළද පොළට සෘජුවම බලපෑම කරනු ලබයි. ඒ සමිබන්ධයෙන්ද අවධානයෙන් සිටිම සාර්ථක Forex Trader කෙනෙකුගේ ලක්ෂණයකි. මෙවැනි ආකාරයේ දත්තයන් නිකුත් කරන වෙබි අඩවි ගණනාවක් ලොව තුල තිබෙන අතර ඒවා අධ්‍යනය කිරිමෙන් අපට මෙම තොරතුරැ ලබා ගත හැකිය. ඒ පිළිබදව ඉදිරි ලිපියකදි පැහැදිලි කිරීමක් සිදු කරන අතර දැනට මෙය කියවා අවබෝධයක් ලබන්න. එක් වරම සියල්ල අවබෝධයට ගත යුතු නැති අතර පියවරනේ පියවරට ඉදිරියට යන විට මෙම අවබෝධයන් සමගම යන්නේනමි නොදැනුවත්වම ඔබට අවශ්‍ය දැනුම ලැබෙනු ඇත.
( දැන් මෙතනදි මම ඔයාලට පෙන්වලා දෙන්න උත්සහ කරේ ප්‍රධාන වශයෙන්ම ලෝක වෙළද පොලේ ආර්ථික , සාමාජීය සාධක මෙ Forex Market එකට බලපානවා කියලා කියන්නයි. දාලා තියෙන විදියට තේරැනාදනමි දන්නේ නැ. කොහෝමත් ඒක ගැන අප අවධානයෙන් ඉන්න ඔනි. මොකද මේවා හදුනා ගත්තොත් හරි ලේසි. ඒ කියන්නේ එක දිගටම ලාභ විතරයි. හරියට අවබෝධ කර ගන්න කෙනාට කවදාවත් ආලභ ලබන්නේ නැතුව වැඩ කරන්න පුලුවන්. ඔයා හරියට අවබෝධ කර ගත්තෝත් ඔයාටම තෙරෙයි ඔය රැකියාවක් කරනවට වඩා මේක හොදයි කියලා. හැබැයි අවබෝධය වැදගත්. ඔය තෙරෙන්න නැතිනමි දුක් වෙන්න ඔනි නැ. මෙකේ ටිකක් කල් ඉන්න කොට ඔක ඉබේටම අවබෝධයට එනවා. බලන්නකෝ මම බොරැද කියන්නේ කියලා. හරි දැන් මම ඔය උඩින් කිවිවේ මොනවහරි ආර්ථික බලපෑමක් ආපු ගමන් ඒක මුල්‍ය වෙළද පොලට බලපානවා කියලනේ. දැන් ඔයාල අහයි ඇයි මේ හැමදෙයක්ම මෙකට බලපාන්නේ කියලා. ඒකට දෙන්න පුලුවන් උත්තරය තමයි , ලෝකේ අද ගොඩක් දේ තිරණය වෙන්නේ මේ මුදල් කියන දේ නිසා. අද හැමදේකටම වගේ මුදල් ඔනි. මේ හැමදෙයක්ම වගේ මුදල් මත තිරණය වන හින්දා තමයි මේ වගේ ගොඩක් සාධක වල ප්‍රථිපල මේ මුල්‍ය වෙළද පොලට බලපාන්නේ. හැබැයි ඒ අදාල මුදල් වර්ග වලට විතරයි. දැන් ඔය යුරෝව කඩා වැටීම මුල්‍ය වෙළද පොලේ තියෙන අනිත් මුදල් වර්ග වලට වන බලපෑම ගොඩක් අඩුයි(යුරෝත් එක්ක සමිබන්ධයක් නැති) ඒක හින්දා අදාල තැනට තමයි ප්‍රථිපලේ වැටෙන්නේ. උදාහරණයක් විදියට ලංකාවේ යුද්ධයක් ඇති වුනොත් ඒක යුරෝපා මුල්‍ය වෙළද පොළට බලපානවද ? නැනේ. ඒ වගේ තමයි. ඒක නිසා අදාල සිදුවීමක් ඒකට අදාල මුදල් වර්ගයකට වන බලපෑම අනුව ඒක කඩා වැටෙයිද නැද්ද කියලා අපිට අනුමාන කරන්න පුලුවන්. දැන් මේ කියලා තියන දේ ඔය අයියලා , මල්ලිලා , අක්කලා , නංගිලාට තේරැනේ තැනිනමි අහන්න)
0 comments :
Post a Comment