Lesson 2 Forex

Open Hearts

Lesson 2 Forex

***කොළඹ කොටස් වෙළද(Colombo Stock Exchange) පොල හා ලෝක මුල්‍ය වෙළද පොල****

අප කොටස් වෙළද පොල හා සමිබන්ධව ගණුදෙනු කරන්නේනමි අප විසින් හුවමාරැ (මිලදි ගැනීම හා විකිනීම ) කළ යුත්තේ එහි ලියාපදිංචි වි ඇති ආයතන වල කොටස්ය. මෙම කොටස් යමි අවස්ථාවක මිල අඩුවු විට යමි කිසි ප්‍රමාණයක් මිලදි ගෙන මිල වැඩිවු විට විකිණිමයි. මෙය තවත් ආකාරයකින් පැහැදිලි කරනවානමි අපි අපගේ වෙළද සැලක් වෙනුවෙන් අඩු මිලට භාන්ඩ මිලදි ගෙන වැඩි මිලට විකුණා ලාභයක් ලබන්නා සේය.

ඔබ සබන් කැටයක් රැ 50 මිලදි ගෙන රැ 55 විකුණනු ලැබෙ. එහිදි 55-50 = රැ 5/-. එසේනමි ඔබගේ වෙළද සැලේ ඔබ කරන ලද මෙම ගනුදෙනුවෙන් ඔබට රැ 5 ක ලාභයක් දැන් ලැබි ඇත.

ඔබ කොටස් වෙළද පොලට සමිබන්ධව,

A සමාගමේ දැන් පවතින මිල වන රැ 100 ක කොටස් 1000 ක් මිලදි ගෙන තිබේ. පැය කිහිපයකට පසු මෙම A සමාගමේ කොටසක මිල 115 දක්වා ඉහල යන ලදි. මෙ අවස්ථාවෙදි ඔබ විසින් පෙර ගත් කොටස් මෙම නව මිලට විකුණනු ලැබේ.

A සමාගමේ කොටසක් මිල රැ 100 x මිලදි ගත් කොටස් ගණන 1000
දැන් කොටසේ මිල ඉහල ගිය අතර ඔබ එය රැ 115 x මිලදි ගත් කොටස් 1000
විකුනු පසු ඔබ අතට 115 x 1000 = රැ 115000 ක් ලැබි ඇත.
එසේනමි මෙම ගනුදෙනුවේ ඔබගේ ලාභය වන්නේ රැ 115000 - 100,000 = 15,000 කි.

ඉහත උදාහරණයෙන් දැක්වුයේ කොටස් වෙළද පොලේ සිදුවන සාමාන්‍ය ගණුදෙනු ස්භාවයයි. ලෝක මුල්‍ය වෙළද පොල හෙවත් Forex හිද මිට වඩා විශාල වෙනසක් නැත. නමුත් වැදගත් වෙනස් කමි කිහිපයක් තිබේ. එවා අප ඉදිරි ලිපි වලදි පිළිවෙලින් සාකචිඡා කෙරේ. (දැන් ඔයාට යමි තරමක අවබෝධයක් ලැබුනද? නැතිනමි කෙමෙන්ටි කරන්න. මම පිළිතුරැ දෙන්නමි. කොහෝම උනත් මේක හරි සරල දෙයක්. සාර්ථක Forex Trader කෙනෙක් වෙලා අසීමිතව උපයන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මෙවත් අවබෝධයට අරගෙනම ගමන යන්න ඔනි. අර කථාවක් තියෙන්නේ “දැන ගෙන ගියොත් කතරගම , නොදැන ගියොත් අතරමග “ කියලා. ඒ වගේ තමයි හැම දෙයක්ම )

****Forex (ලෝක මුල්‍ය වෙළද පොල ) අපේ ආදායමක් මාර්ගයක් කරගන්නේ කෙසේද? ****

මෙ පිළිබදව කථා කිරිමට ප්‍රථම ඔබ ඉහත සදහන් කර කරැණු පිළිබදව නැවත සිතා බලා ලෝක මුල්‍ය වෙළද පොල යනු කුමක්දැයි යන්න අවබෝධ කර ගැනීම කළ යුතුය. එසේම එයට පහසුවත් වන පරිදි මා විසින් මෙම මාතෘකාවේදිද ඒ පිලිබදව වැඩි අවධානයක් යොමු කර ඇත.

බොහෝ දෙනෙක් Forex Market පිළිබදව නොදැන සිටියද , මෙයින් ආදායමි ලැබිය හැකි බව නොදැන සිටියද නොදැනුවත් වම මුල්‍ය වෙළද පොලට සමිබන්ධ වි ඇති බව දන්නවාද? ඔබ විදේශිය රටකට ගියාද ? , එසේ නැතිනමි විදේශය සිටින නෑදැයෙක් හෝ මිතුරෙක් ඔබට මුදල් එවනු ලැබුවාද ? ඔබ විදේශ රටකින් යමි කිසි භාණ්ඩයක් ගෙන්වා ගෙන තිබේද? මෙ සදහන් කළ එකකට හෝ ඔබ සමිබන්ධ වි ඇත්නමි ඔබ නොදැනුවත්වම Forex සිදුකර තිබේ. එසේ වන්නේ කෙසේදැයි දැන් ඔබට ප්‍රශ්ණයක් පැන නැගි ඇතුවාට සැක නැත. එසේනමි පහත විස්තරය කියවන්න. මෙය පහැදිලි කිරීම සදහා ඉහත සිදුවිම වලින් එක් උදාහරණයක් ගෙන ඇත. ( දැන් ඔය සමහර අය දන්නේ නැ තමන් දැනටමත් Forex කරනවා කියලා. හැබැයි එයාලට මේ විදියට කිවිවොත් කියන්නේ “මේක මහ බොරැවක් “ කියලා. ඒවුනාට එහේම කියන අයත් නොදැනුවත්වම Forex Trading කරනවා. ඒ කරන ගනුදෙනු වලින් ලාභ ගන්නේ බැංකු. ඒක නිසයි මේ වගේ කථා කියන අයට සිද්ධිය නොතෙරෙන්නේ. නිකන් අතට කීයක් හරි ආවනමි තමයි වැඩේ බලා ගන්න පුලුවන්. )

ඔබට රැපවාහිනියක් විදේශයකින් ගෙන්වා ගැනීමට අවශ්‍ය යැයි සිතමු. Ebay , Amozon.com වැනි අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිනීම සිදුකරන වෙබි අඩවි වල මෙසේ විකිණිමට ඇති බව ඔබ දන්නවා ඇත. ඔබට මෙම මිලදි ගැනිමට අවශ්‍ය රැපවාහිනය පිළිබදව පහත විස්තර එම වෙබි අඩවියකින් ලබා දි ඇත.

රැපවාහිනි යන්ත්‍රයක මිල $ 300 කි. ($ යනු USD - United State Dollar වේ). එසේනමි මෙය මිලදි ගැනිමට ඔබ කුමක් කල යතුද? මෙ සදහා ඔබ ගෙවීමි කිරීමට ඔබ කුමන ක්‍රමයක් භාවිතා කලත් (Credit Card , International Debit Card ) ලංකාවේ සිට එය සිදු කරන්නේනමි කළ යතු වන්නේ රැපියල් වලිනි.(ඒ කින්නේ අපි ඉන්නේ ලංකාවේ. ලංකාවේ පාවිචිචි වෙන්නේ රැපියල් නිසා ඔයා මොන රටක දෙයක් මිලදි ගත්තත් භාවිතා කරන්න වෙන්නේ රැපියල්. ඔයා රැපියල් වලින් බැංකුවට ගෙවිවාට පස්සේ බැංකුව තමයි ඒ අදාල මුදල USD වලට හරවලා අදාල ආයතනයට ගෙවීම කරන්නේ. මේක ඉතින් ඉතා ක්ෂණිකව වෙනදෙයක් නිසා වැඩිය හිතන්න යන්න එපා. දැන් තේරැනාද ?) Credit Card , International Debit Card හරහා ක්ෂණිකව ගෙවිම සිදු වුවද එය සිදු කළ යුත්තේ බැංකුවක් හරහා බැවින් ඔබ ගෙවි
මි කරන්නේ රැපියල් වලිනි. එනමි ඔබ රැපියල් වලින් බැංකුව වෙත අදාල ගෙවිම සිදු කරන අතර බැංකුව විසින් එය USD වලට හරවා අදාල ආයතනය වෙත ගෙවිම සිදුකරනු ලැබෙ. එය පහත පරිදි විස්තර කර ඇත.

අද දින රැපියලේ අගය ඩෝලර් වලට හුවමාරැ වෙන්නේ රැ 120 යැයි සිතමු. (එනමි ඩෝලර් එකක් ගැනිමට ඔබට වැය වන රැපියල් ප්‍රමාණයයි. )

$ 300 x Rs 120 = Rs 36000/- කි. එනමි මෙම යන්ත්‍රය මිලදි ගැනිම සදහා ඔබට ලංකාවේ රැපියල් වලින් 36000 ක් අවශ්‍ය වේ. ඔබ බැංකුවට මෙම මුදල රැපියල් වලින් ගෙවු පසු ඔබ බැංකුවට කරන ගෙවිම , බැංකුව විසින් අදාල ජ්‍යාත්‍යන්තර ආයතනය වෙත සිදු කරන බැවින් ඔබ නොදැනුවත්වම විදේශිය මුදල් හුවමාරැවක් සිදු කර තිබේ. මෙහිදි ඔබට ලාභයක් නොලැබුනත් බැංකුව විසින් ලාභයක් ලබා තිබේ. මා විසින් මෙසේ සදහන් කල මෙම ගණුදෙනුව තුලදි දැන් ඔබට මුදල් වර්ග දෙකක් හුවමාරැව සදහා අවශ්‍ය වු බව වැටහෙනු ඇත. එනමි ඇමෙරිකානු ඩෝලර් හා රැපියල්ය. එය සංකේතාත්මකව දක්වන්නේනමි USD/LKR ය. ලෝක මුල්‍ය ‍සිදුවන්නේද මෙයයි.

එසේනමි අප Forex මගින් ආදායමි ලබන්නේද මෙයාකාරයෙන් මුදල් වර්ග එකිනෙකට සෘජුවම අප විසින් හුවමාරැ කිරිමෙනි. එනමි Euro , Usd වලට , GPB , Usd වලට හුවමාරැ කිරිම ආදි වශයෙන්. එනමි යමි මුදල් වර්ගයක් එකින් එකට හුවමාරැ කිරිමයි. එය සිදුවන්නේද රැපියල් ඩොලර් වලට හුවමාරැ වන ආකාරයෙන්ම වුවද අප විසින් ලෝක මුල්‍ය වෙළද පොලට තැරැවිකාර ආයතන මගින් සමිබන්ධ වි ඇතිනමි මෙම හුවමාරැ ගණුදෙනු අපටම සිදු කර ගත හැකිය. සරලම වශයෙන් එය Forex Trading ලෙස හදුන්වනු ලැබේ. මෙසේ එක් එක් මුදල් වර්ග එකිනෙකට මිලද ගැනිම හා විකිණිම තුලින් මුල්‍ය වෙළද පොළ හරහා ඉතා විශාල ලාභයක් වුවද ලැබිය හැකි වනු ඇත. ( මෙතනදි කියන්නේ Forex මගින් කොහෝමද ලාභ ගන්නේ කියන එක. දැන් අර ඉහත රැපවාහිනියේ ගණුදෙනුව ගැන හිතන්න. ඒක ඔයාගේ පැත්තෙන්නමි හිතුවොත් ලාභයක් ලැබෙන හැටි තෙරෙන්නේ නැ. නමුත් බැංකු පැත්තෙන් හිතන්නකෝ. එතකොට තෙරෙයි. ඒ කියන්නේ බැංකුව අදාල මුදලට රැපියල් වලින් ඔයාගෙන් අරගෙන එක USD වලින් ගෙවීමි කරනවා. ටිකක් හිතලා බලන්න ඔය මුදල් අනුපාත කියන කොට කියනවා නේද අද ඩොලරයකට සාපෙක්ෂව රැපියලේ ගැනුමි මිල මෙචිචරයි විකුණුමි මිල මෙචිචරයි කියලා. උදාහරණයක් ගත්තොත් ඇද ගැනමි මිල රැ 120 , විකුණුමි මිල 125 කියලා හිතන්න. ඇයි මේ දෙකක් කියන්නේ. එක තමයි බැංකු ලාභ ගන්න ක්‍රමය. 

ඉතින් දැන් ඔබට මෙම ක්‍රියාදාමය මුල්‍ය වෙළද පොළට බලපාන ආකාරය හා එයින් ලාභ ලබන්නේ කෙසේද යන්න ගැටලුවක් වන්නට පුලුවන. මෙම ලිපියෙන් ඉහළින්ම අප ඉදිරිපත් කල කොටස් වෙළද පොල උදාහරණයේදි මෙන්ම Forex Market දීද අප විසින් සිදු කරනු ලබන්නේ යමි විදේශිය මුදල් වර්ගයක් මිලදි ගෙන මිල වැඩි වු විට විකුණා ලාභ ලැබිමයි.

අප ඉහත සදහන් කරන ලද කොටස් වෙළද පොල උදාරණයට අනුව ඔබ මුලික වශයෙන් රැ 100,000 යොදවා ලැබෙන ලාභය රැ 15000 ක් වැනි අඩු මුදලකි. එසේම කොටස් වෙළද පොළ ගනුදෙනු මුල්‍ය වෙළද පොල මෙන් ඉක්මන් නැත. එබැවින් විශාල මුදලක් ආයෝජනය කර ලැබිය හැකි වන්නේ සුලු ලාභයක් බව ඔබට සිතෙනු ඇත. නමුත් එය සත්‍ය නොවේ. කොටස් වෙළද පොලේ එසේ වුවද මුල්‍ය වෙළද පොලේ $ 100 ක් එනමි රැපියල් 11000 ක් පමණ ආයෝජනය කර මාසිකව රැපියල් 30000 ක් දක්වා වුවද නොඑසේනමි ඊට වඩා උවද ලාභ ලැබිමේ පැහැදිලි අවස්ථාව ඇත. කළ හැකිය. එසේම නිවැරදිව හාදාරන්නෙකුට මෙය තම මුලික රැකියාව වශයෙන් වුවද කළ හැකි බව මතක තබා ගන්න.

දැන් ඔබට මුල්‍ය වෙළද පොල යනු කුමක්දැයි යන්න පිළිබදව අවබෝධයක් ලැබි ඇත. මුල්‍ය වෙළ පොලේ (Forex) හි හුවමාරැ වන මුදල් වර්ග හා එවායේ භාවිතාව පිළිබද ඊළග ලිපියෙන් දක්වා ඇත.

මෙ ලිපිය පිළිබදව ඔබට යමි ගැටුලුවක් ඇතිනමි මා අමතා විසදා ගත හැකිය. ඒ සදහා ඔබගේ පහතින් ගැටලුව සදහන් කර එවන්න.

0 comments :

Post a Comment