Lesson 3 Forex

Open Hearts

Lesson 3 Forex

****මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග හදුනා ගැනීම****

පසු ගිය ලිපියෙන් මා ඔබට මුල්‍ය වෙළද පොල යනු කුමක්ද යන්න පැහැදිලිව හදුන්වා දුන්නෙමු. එම ලිපිය අධ්‍යනය කිරිමෙන් මුල්‍ය වෙළද පොල හෙවත් Forex පිළිබදව දළ අදහසක් ඔබට ලැබෙන්නට ඇති. එසේම එයින් ලාභ ලබන්නේ කෙසේද , යන්න පිළිබදවද ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇති.  එයට පසුව මෙම ලිපියෙන් මා අවධානය යොමු කරන්නේ ලෝක මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන්නා වු මුදල් වර්ග හා ඒවායේ භාවිතාව පිළිබදවය. මන්ද Forex Market  හි ප්‍රධානතම ගණුදෙනු මුලාශ්‍රය වන්නේ විදේශිය මුදල් බැවින් අප ඒ පිළිබදවද හොද අවබෝධයකින් සිටිය යුතු විම නිසයි. (මෙහි රැපියල් නැත)

 Forex Market  හි ප්‍රධාන වශයෙන් හුවමාරැ වන්නේ විදේශිය රටවල් වල භාවිතා වන ප්‍රබල මුල්‍යන්ය. මෙම වෙළද පොලේ අපට සමිබන්ධ වි සිදුකිරීම සදහා රැපියල් නොමැත. එහේයින් අපට ගණුදෙනු කිරිමට සිදුවන්නේද විදේශිය මුදල් සමගිනි. ආධුනිකයෙක් වශයෙන් ඔබට මේ පිළිබදව යමි චකිතයක් ඇති වන්නට පුලුවන් නමුත් නිසි පරිදි අධ්‍යනය සිදුකරන්නේනමි මෙය ඉතාම පහසු මුදල් ඉපයිමේ ක්‍රමයක් බව ඔබට පහසුවෙන්ම වටහා ගැනිමට හැකි වනු ඇත. එසේනමි මෙතැන් සිට මෙ මුදල් වර්ග පිළිබදව නිසි අධ්‍යනයක් සිදු කර බලමු. (මෙහිදි මා ලියලා තිබෙන වචන බර වැඩිද මන්දා - එහේම අපහසු තාවයක් තියෙනවනමි වහාම මට දැනුමි දෙන්න. අනෙක් ලිපිවල ඉදිලා සාමාන්‍ය භාෂාවෙන්ම ලියන්න උත්සහ කරන්නමි. ඔය සමහරක් වචන එහේම බර වැඩි නමි ඒ ගැන එචිචර හිතනන් එපා. එත් ඔවා පොඩිඩක් හරි මතක තියා ගන්න ඔයා Forex Trader කෙනෙක් වෙන්න හිතාගෙන් ඉන්නවනමි.) 

             ප්‍රධාන වශයෙන්ම Forex Market හි මුදල් ලෙස තිබෙන්නේ ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් ඇති රටවල් වල භාවිතා වන්නා වු මුදල් වර්ග. එනමි ලෝක බලවතුන්ගේ රටවල් තුල භාවිතා වන්නා වු මුදල් වර්ගයි. මා පෙර ලිපියේ LKR උදාහරණයකට ගත්තද ලෝක මුල්‍ය වෙළ පොලෙදි අපට LKR හෙවත් රැපියල් හමු නොවේ. එයට හේතුව ශ්‍රිලංකාව ලොක්යේ ප්‍රබල ආර්ථිකයක් සහිත රටක් නොවීමයි. සැබැවින්ම මෙම Forex Market ප්‍රධාන වශයෙන් බලපැමි කරන මුදල් වර්ග ඇති රටවල් නමි , 

United America 
United Kingdom Europe 
Japan 
Australia 
New Zealand 
Canada 
Switzerland 

(අපේ රට ඇතුලත් නොවීම සමිබන්ධයෙන් දුකයි තමයි. මොනවා කරන්නද ? මේ රට තාම සුරපුරයක් වෙලා නෑනේ අපේ මේ ගසා කන අය ඉන්නකමි. අපේ රට ඇතුලත් වෙන එකනමි ඉතින් දවල් හීනයක් තමයි) 

             මෙම රටවල් වල භාවිතා වන්නා වු මෙම මුදල් වර්ග Forex Market හි භාවිතා කරන ආකාරය පහත වගුවෙන් ඉදිරිපත් කර ඇත.

****මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන විදේශිය මුදල් වර්ග****

(දැන් සමහර අය මේ ටිකටත් බය වෙලා. බය වෙන්න දෙයක් නැ. මෙකේ දාලා තියෙන්නේ ඒ ඒ මුදල් වර්ගයන් වල සංකේත විතරයි. ඔවා ටිකක් කල් යන කොට ඉබේම කටපාඩම් වෙන ඒවා) 

               ඉහත දක්වා ඇත්තේ ප්‍රධාන මුදල් වර්ග කිහිපයක් පමණි. Forex Market හි මෙවැනි මුදල් වර්ග 44 ඇත. මුල්‍ය වෙළද පොලේ වැඩිම බලපැමක් ඇති කරන මුදල් වර්ග මෙවා වන අතර අප විසින් Forex Market හි ගණුදෙනු කරන විට අපට අනිවාර්්‍යෙන්ම හමුවන මුදල් වර්ග වන්නේද මෙවායි. එබැවින් ඔබට මෙම මුදල් වර්ග පිළිබදව හොද මතකයක් තිබිය යුතුය. මන්ද ඔබ ගණුදෙනු සදහා ගිණුමි විවෘත කර ගත විට හා ගණුදෙනු වල යෙදෙන විට හමුවන්නේ මෙම මුදල් වර්ග වල සංකේත බැවිනි. 

 මා විසින් පෙර ලිපියේදි විදේශයකින් භාණ්ඩයක් මිලදි ගැනීමට අදාලව රැපියල් එම විදේශ මුදල් වර්ගයට හුවමාරැ කරන ආකාරය විමසා බැලුවෙමු. එහිදි අපට හමුවුයේ රැපියල්(LKR) හා ඩොලර්ය(USD) ය. එවිට අප එය USD/LKR ලෙස හදුන්වා දුන්නෙමු. මෙයා කාරයෙන්ම Forex Market හි දිද අපට හමුවන්නේ මුදල් වර්ග දෙකක් එකට කර සැකසු මුදල් කාණ්ඩයකි. මන්ද මුදල් හුවමරැවක් එක් මුදල් වර්ගයකින් පමණක් සිදු කිරිමට නොහැකි නිසාය. අපට මුදල් හුවමාරැ කර ලාභ ලබන්නට නමි මුදල් වර්ග දෙකක් අවශ්‍ය වේ. මෙසේ මුදල් වර්ග දෙකක් එකට කර සැදු කාණ්ඩයට Forex Market හි Currency Pair යැයි කියනු ලැබේ. ඔබ මෙය මතක තබා ගත යුතු අතර මින් ඉදිරියට අප විසින් භාවිතා කරන්නේ මුදල් වර්ග වලට අදාල ඉහත වගුවෙන් අප ඉදිරිපත් කර Forex Name වේ. සාමාන්‍යෙයන් Forex Market හිදි ප්‍රධාන වශයෙන් ප්‍රබල මුදල් වර්ග Major Currency ලෙසද ඊට අමතරව හුවමාරැ වන මුදල් වර්ග Minor Currency ලෙසද හදුන්වනු ලැබේ. Major ලෙස හදුන්වන්නෙ ප්‍රධාන වශයෙන්ම USD භාවිතා වන්නාවු මුදල් කාණ්ඩවලටය.

ආදි ලෙස වේ. මෙහිදි Forex Market හි ගනුදෙනු කිරිම සදහා ඔබ මෙම සියලුම මුදල් වර්ග මතක තබා ගැනිමේ අවශ්‍ය තාවයක් නැත. මෙහි අප සදහන් කර ඇති ප්‍රධාන මුදල් වර්ග එනමි , Major Currency පමණක් මතක තබා ගැනිම සැහේ. ඔබ Forex Market ගණුදෙනු කරන විට යම් ප්‍රධාන මුදල් කාණ්ඩයක් දුටු පමණින් එය කුමක්දැයි හදුනා හැකියාව ඔබට තිබිය යතුය.

0 comments :

Post a Comment