Lesson 5 Forex

Open Hearts

Lesson 5 Forex

****මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය****

දැන් මම හදන්නේ ටිකක් වැඩේට එන හැටි කියලා දෙන්න. කලබල වෙන්න අවශ්‍ය නැ. මෙ ටිකත් ඔහෝමම කියවගේන යන්න. මොකද සමහරැ අහනවනේ දැන් මේවා ඉගෙන ගෙන මොකක්ද කරන්න යන්නේ කියලා. මම මේ ලිපියෙන් ඒකට පිළිතුරක් දෙනවා. Ok. දැන් කලින් ලිපියේ තිබිබ ඒවා මතකද ?. මතකනමි හොදයි. එහේනමි පහත ලිපියත් කියවලම බලන්නකෝ) 

පෙර ලිපිවලදි මා විසින් මුල්‍ය වෙළද පොල යනු කුමක්දැයි හා එහි භාවිතා වන මුදල් වර්ග පිළිබදව හදුන්වා දුන්නෙමු. මේ වන විට ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලැබි ඇතුවාට සැක නැත. 
මෙම ලිපියෙන් මා ඔබට මුල්‍ය වෙළද පොලේ මුදල් හුවමාරැව තුලින් ලාභ ලැබෙන ආකාරය සරල පැහැදිලිව පෙන්වා දෙන්නට උත්සහ කරන අතර මෙය කියවා නිසි දැනුමක් ලබා ගන්න.  දැන් ඔබට Forex Market හි ක්‍රීයාවලියත් භාවිතා වන මුදල් වර්ගත් මතකයේ ඇත. කලින් ලිපි වලින් අප ඉගෙන ගත් USD/LKR උදාහරණය මෙන් දැන් Forex Market හි භාවිතා වන මුදල් වර්ග තුලින් ලාභ ලබන ආකාරය , එය කෙසේ සිදුවන්නේද යන්න මෙම ලිපියෙන් අවධානය යොමු කර ඇත. 

 Forex Market හි භාවිතා වන්නේ විදේශිය මුදල් වර්ගය. එනමි අප පෙර ලිපියෙන් සදහන් කල Major Currency හා Minor Currency ය. මෙම මුදල් වර්ග තුලින් වුවද වැඩිම බලපෑමක් Forex Market හි සිදුකරන්නේ Euro හා USD වන අතර මෙවා එකිනෙකට හුවමාරැ කිරීම තුලින් අපට පහසුවෙන්ම මුදල් ඉපයිමේ හැකියාව තිබේ.
(ගණු සහ දෙනු වගේ. මුලින් අරගෙන පස්සේ විකුණලා දානවා. එකයි ඔය උඩින් කිවිවේ හොදේ.)
Forex Market හි මෙම මුදල් වර්ගයන් සමිබන්ධ වි තිබෙන්නේ EUR/USD ලෙසය. එනමි Euro Vs Usd ලෙසය
(දැන් මෙතන කරන්නේ එකිනෙකට හුවමාරැවක් නිසා දෙකක් තියෙන්න ඔනි. ඔය කථාවක් තියෙන්නේ ඉගුරැ දීලා මරිස් ගත්තා කියලා. එතකොටත් එතන ඉගුරැ සහ මිරිස් කියන වර්ග දෙක තියනවා වගේ තමයි මෙතනත්. )පහත රැපයෙන් විවධ වු මුදල් වර්ග Forex Market හිදි අපට හමුවන ආකාරය දක්වා තිබේ.

ඉහත රැපයේ විවිධ වු මුදල් වර්ග ඇති බව ඔබට දැන් පෙනෙනු ඇත.(හැම එකක්ම තිබිබට මම කලින් කිවිවා වගේ හැම එකක්ම Trade එකට ගන්නේ නැ හරිද ? අපිට හුරැ එකක් තමයි ගන්නේ. )මා ඉහතින් දක්වා ඇත්තේ Forex Market හි ගණුදෙනු කිරිම සදහා අප විසින් යොදා ගන්නා වු මෘදුකාගයේ ඇතුලත් මුදල් වර්ග දක්වන ස්ථානයේ ඡායාරැපයකි. මෙම මෘදුකාංගය පිළිබදව ඉදිරියේදි ලිපි පළ කරේ. මෙහිදි මුදල් වර්ගය (EUR/USD) එයට ඉදිරියෙන් වම් පැත්ත(buy) හා දකුණු පැත්ත(sell) ද පවතින බව ඔබට පෙනෙනු ඇත. මෙහිදි එක් මුදල් වර්ගයක එනමි Pair එකක මුදල් වර්ග දෙකක් පවතින බැවින් අපට Forex Market හි අදාල මුදල් වර්ගයේ ඉහළ යෑම මතත් , පහළ යෑම මතත් ලාභ ලැබීමේ හැකියාව පවති. එයට හේතුව මුදල් වර්ග දෙකක හුවාමාරැවක් නිසාත් ය. (ඒ කියන්නේ අපි හිතමුකෝ මෙහේම. දැන් ඔය EUR/USD Market එක ඉහළ යනවා කියලා. එතකොට ඔයාලට පුලුවන් Buy ගණුදෙනුවක් Open කරලා ගන්න. EUR/USD market එක පහළ යනවනමි ඔයාට පුලුවන් Sell ගණුදෙනුවක් Open කරලා දාන්න. ඒ ඒ අවස්ථාවල අපි දාන ගණුදෙනුව අනුව අපිට හොද ලාභයක් මෙකෙන් ගන්න පුලුවන්. ඒක නිසා මේ Forex Market එකේ තියෙන ලොකුම වාසිය තමයි මේ දෙපැත්තටම ලාභ ගන්න පුලුවන් වන එක. මේක ඉතින් ඔය මහලොකුවට ඔලුවට දා ගන්න එපා. ඔයා අපේ Software එකෙන් ගණුදෙනු කර ගෙන යන කොට මේක ඉබේම ඔලුවට වැටෙයි. කොටින්ම කියනවනමි හරිම සරලයි)සාමාන්‍ය වශයෙන් කොටස් වෙළද පොලේදි අපට මෙලෙසින් දෙපැත්තටම ලාභ ගත නොහැකිය. එයට ප්‍රධාන හේතුව කොටස් වෙළද පොලේදි අපට ගණුදෙනු කළ හැකි වන්නේ එක් අවස්ථාවක එක් සමාගමක කොටස් සමග පමණක් නිසාය. එබැවින් එහිදි අපට ලාභ ලැබිය හැකි වන්නේ මිල පහළ අවස්ථාවේදි මිලදි ගෙන මිල ඉහළ ගිය පසු විකිණිමෙනි. (මේ කිවිවේ ඔය සාමාන්‍යෙයන් කඩයක් එහේම නැත්නමි මොනවා හරි ව්‍යාපරයක වෙන දෙයක්. අපිට ඉතින් කඩයක් කරනවනමි ලාභයක් ලබන්න අඩු මිලට ඇරගෙන වැඩි මිලට විකුණන්න වෙනවනේ. එතනදි අඩුමිලට ගන්නේ එක් වර්ගයක් ඊට පස්සේ ඒකම වැඩි මිලට විකුණනවා. )එනමි මිල පහල ඇති විට Buy කර මිල ඉහළ ගිය පසු Sell කිරිමෙනි. එසේ වුවද කොටස් වෙළද පොලෙදි එක් වරම අපට මිලදි ගත් කොටස් විකීණිම කළ නොහැකිය. එයට හේතුව අප විකුණන්නෙනමි එය මිලදි ගැනීම සදහාද කෙනෙකු සිටිය යුතු වීමයි. නමුත් මුල්‍ය වෙළද පොලේදි එසේ බලා සිටීම අවශ්‍ය නැත. Forex Market සමග ලොව අති විශාල ගනුදෙනු කරැවන් පිරිසක් සමිබන්ධව ඇති බැවින් මිලදි ගැනීම හා විකීනිම ක්ෂණිකව කළ හැකිය. මෙම විකිණිම හා පිළිබදව පහත තව දුරටත් විස්තර කර ඇත. ( Forex Market එකේ ලොකේ විශාල ප්‍රමාණයක් සමිබන්ධ වෙලා ඉන්න තැනක් නිසා අපි මොන වේලාවක හරි විකුණුවොත් එක ගන්න කවුරැ හරි ලොකේ කොහේ හරි ඉන්නවා කියන එකයි. ඒ කවුද කියලා ඉතින් අපිට පෙන්නේ නැ. මොකද ඒක වෙන්නේ ඔය තැරැවිකාර සමාගමි හරහානේ. )
ඉහත මා විසින් දක්වා ඇති ඡායාරෑපය අවධානයට ගන්න. එහි සදහන් එක් මුදල් කාණ්ඩයක් අප මිලදි ගැනීම හා විකිණිම පැහැදිලි කිරීම සදහා යොදා ගැනේ. 

මුදල් වර්ගය       Sell Price    Buy Price
EUR/USD        1.06155     1.06096

***මිල ගණන් ඉහළ යන්නේනමි ලාභ ලැබෙන ආකාරය (Market Buy වන අවස්ථාව)***

කිසියමි වු මුදල් වර්ගයකට අදාල මිල ගනන් ලෝක මුල්‍ය වෙළද පොලේදි තත්පරයෙන් තත්පරය වෙනස් වේ. එයට හේතුව මුල්‍ය වෙළද පොලේ ප්‍රධාන මුදල් වර්ග කෙරෙහි පවතින්නා වු අතිවිශාල ඉල්ලුමයි. මෙම මුදල සදහා කරන්නා වු ඉල්ලුම හා එම මුදල් වර්ග වල සැපයුම මත මිල ගණන් ඉහළ පහල යන්නේද තීරණය වනු ලැබේ. එබැවින් දැන් ඔබ ඉහත මුදල් වර්යේ මිල ගනන් ඉහළ යන්නේ යැයි සිතා පහත උදාහරණය බලන්න. 
කොටස් වෙළද පොලේදි ලාභ ලැබිය හැකිවන්නේ මිල ගනන් අඩු අවස්ථාවෙදි මිලදි ගෙන මිල ගණන් වැඩි වු විට විකුණා ලාභ ගැනිමයි. forex Market හි මිල ගනන් ඉහළ යැමේ ප්‍රවනථාවයක් ඇත්නමි අප දැන් ඇති මිලට මුදල් මිලදි ගෙන තිබිය යුතුය. නැතිනමි මිල ගණන් ඉහළ ගිය පසු විකීණිම සදහා අප හට දෙයක් නොමැති වන බැවිනි. එසේනමි ඔබ කළ යුතු වන්නේ Buy හෙවත් මිලදි ගැනීමයි. එවටි ඔබට අදාල වන්නේ මෙහි ඇති Buy Price ලෙස සදහන් වී ඇති මිලයි. 

ඉහත මිල ගනන් වලට අනුව ඔබ වෙළද පොලේ පවතින මිලට අනුව මිලදි ගන්නේ නමි ඔබට අදාල වන මිල වන්නේ 1.06096 වන මිල වේ. ඔබ මෙම මිලට යමි ප්‍රමාණයක් මිලදි ගත් පව සිතන්න. එසේනමි ඔබට ලාභ ලැබෙන්නේ කෙසේද? 

ඔබ මිලදි ගත්තේ 1.06096 නමි , ඔබට ලාභයක් ලැබීම සදහා වෙළද පොළ මිල මෙම මිලට වඩා ඉහළ යා යුතුය. එනමි දැනට පවතින  Buy Price මිලට වඩා Sell Price මිල ඉහළ යා යුතු වීමයි. තව දුරටත් පැහැදිලි කරන්නේනමි දැනට පවතින Bid Sell Price  1.06096 මිල 1.06097 වඩා ඉහළ යා යුතුය. දැන් වෙළද පොල ඉහළ ගොස් forex Market හි EUR/USD පවතින්නේ පහත මිල ගණන් යටතේ යැයි උපකල්පනය කළහොත් 

ඔබ මිලදි ගත්තේ 1.06096 බැවින් දැන් මිල 1.06098  වන අතර එය මිලදි ගත් මිලට වඩා ඒකක දෙකක් ඉහළ ගොස් ඇති බැවින් දැන් ඔබට ඒකක දෙකක ලාභයක් ලැබි ඇත. එනමි ,

1.2880 - 1.2878 = 2

මේ අවස්ථාවේ ඔබ ගත් මුදල් ප්‍රමාණය විකුණා දැමිමෙන් ඔබට මෙම ඒකක(මෙම ඒකක වලට Pips යැයි කියනු ලැබේ. ඒ පිළිබදව ඉදිරියෙදි පැහැදිලි කරේ.) දෙකක් ලාභය ලබා ගත හැකිය. (මෙතනදි සරලවම කියනවනමි කියන්න තියෙන්නේ ඔයා මොන අවස්ථාවක හරි Buy කරපු මිටල වඩා Price එක ඉහළ ගියොත් ලාභ ලැබෙනවා කියන එකයි. දැන් ඔයා 100 ට අරගෙන ඒක 150 ට ගියා නමි 100 ට වඩා ඉහළ ගිහිල්ලා නිසා 50 ක් ම ලාභයි වගේ තමයි. මෙතනදි වෙලා තියේන්නේ අපි ගත්ත මිලට වඩා එකේ මිල ඉහළ ගිහිල්ලා කියන එක)

***මිල ගණන් පහළ යන්නේනමි ලාභ ලැබෙන ආකාරය (Market Sell වන අවස්ථාව)***

forex Market හි මිල ගනන් පහළ යැමේ ප්‍රවනථාවයක් ඇත්නමි අප දැන් ඇති මිලට මුදල් මිලදි ගෙන තිබිය යුතුය. නැතිනමි මිල ගණන් පහළ ගිය පසු විකීණිම සදහා අප හට දෙයක් නොමැති වන බැවිනි. එසේනමි අප මෙහිදි ආදල වන ක්‍රියාවලිය වන්නේ Sell කිරිමයි. එවිට ඔබට අදාල වන්නේ මෙහි ඇති Sell Price ලෙස සදහන් වී ඇති මිලයි. 

ඉහත මිල ගනන් වලට අනුව ඔබ වෙළද පොලේ පවතින මිලට අනුව Sell කරන්නේ නමි ඔබට අදාල වන මිල වන්නේ 1.06155 වන මිල වේ. ඔබ මෙම මිලට යමි ප්‍රමාණයක් මිලදි ගත් බව සිතන්න. එසේනමි ඔබට ලාභ ලැබෙන්නේ කෙසේද? 

ඔබ මිලදි ගත්තේ 1.06155 නමි , ඔබට ලාභයක් ලැබීම සදහා වෙළද පොළ මිල මෙම මිලට වඩා පහළ යා යුතුය. එනමි දැනට පවතින Sell Price මිලට වඩා මිල පහළ යා යුතු වීමයි. තව දුරටත් පැහැදිලි කරන්නේනමි දැනට පවතිනSell Price 1.06155 මිලට වඩා පවතින මිල පහළ යා යුතුය. දැන් වෙළද පොල මිල ගණන් පහළ ගොස් forex Market හි EUR/USD පවතින්නේ පහත මිල ගණන් යටතේ යැයි උපකල්පනය කළහොත් 

ඔබ Sell කරනු ලැබුයේ 1.06155 බැවින් දැන් මිල 1.061553 වන අතර එය පළමු මිලට වඩා ඒකක දෙකක් පහළ ගොස් ඇති බැවින් දැන් ඔබට ඒකක දෙකක ලාභයක් ලැබි ඇත. එනමි ,

1.2875 - 1.2873 = 2

මේ අවස්ථාවේ ඔබ ගත් මුදල් ප්‍රමාණය විකුණා දැමිමෙන් ඔබට මෙම ඒකක දෙකක ලාභය ලබා ගත හැකිය. මුල්‍ය වෙළද පොල ඉහළ යන්නේනමි Market Buy ලෙසද පහළ යන්නේනමි Market Sell ලෙසද හදුන්වනු ලැබේ. ( මෙක අර Buy කථාවේ අනිත් පැත්ත වගේ තමයි. ඔයා යමි අවස්ථාවක Sell ගණුදෙනුවක් දාපු මිලට වඩා Market එක පහළ ආවොත් ලාභ ලැබෙනවා කියන එක. දැන් ඔයා හිතනවා ඇති ගණන් අඩු වුනාම ලාභ ලැබෙන්නේ කොහෝමද කියලා. ඒක වෙන්නේ මෙතන මුදල් වර්ග දෙකක් තියෙන නිසා. Market එක වැඩි වෙනකොට Buy කරන්නේ EUR Market අඩුවෙනකොට Buy කරන්නේ USD. ඉතින් මේ මුදල් වර්ග දෙකේ මුලින්ම තියෙන්නේ EURO නිසා තමයි ඔය අඩුවෙනාකොට කරන්නේ Sell කියලා කියන්නේ. දැන් තේරැනා නේද ? )

***මිළ පහළ යාමේදි ලාභ ලබා ගන්නා ආකාරය (Sell order)***
බලන්න පහත රුප සටහන දිහා.


ඔබට පෙනෙනවා මෙහිදි Market එක පහළ බැසිමකට ලක් වි තියනවා..
මෙම ප්‍රස්ථාර සටහන EUR/USD මිළ පහළ යාම පෙන්වන ප්‍රස්ථාර සටහනකි.
මෙහිදි සිදු වී ඇත්තේ  ඩොලරය ශක්තිමත් විමකි.
මෙවන් අවස්ථාවක් හදුන්වන්නේ Bearish Trend පවතින අවස්ථාවක් ලෙසයි.මෙහිදි මුදල් කාණ්ඩයේ අගය පහළ බැසිමකට ලක් වේ. මෙම අවස්ථාවන් වලදි අපි Sell Orders යොදනු ලබයි. එන්ම්

 Market එක පහළ යන විට යොදන්නේ  Sell Orders වේ.
Market එක ඉහළ යන විට යොදන්නේ Buy Orders වේ.

එය මතකයට දාගන්න.
හරි දැන්  ඔබට ප්‍රශ්නයක්  එනවා කොහොමද මිළ අඩු උනාම ලාභ ලබා ගන්නේ කියලා. මෙය සරළ දෙයක්.තෙරුම් ගන්න අපහසු උනත් එයින් ඔබට හානියක් නැත. මෙය වැඩි දුර අවබෝධය සදහා වේ.

අපි Forex signals ( Forex signals ගැන ඉදිරියට කියල දෙනවා ) භාවිතා කරමින් අදහසක් ලබාගන්නවා EUR/USD ඉදිරියට මිළ පහළ යන බවට,
එවිට අපි Sell Order එකක් 1.3040 යන අගයේදි යොදනු ලබනවා.

හරි දැන් අපි ලාභ එන හැටි බලමු.
පැහැදිලියි නේද,
තවත් පැහැදිලි කර ගන්න මෙම උදාහරණයත් බලන්න.

අපි හිතමු EUR 1 වටිනාකම = 200
USD 1 වටිනාකම               = 50
එවිට EUR/USD(EUR බෙදීමUSD )  =  200/50= 4
මෙම අගයන් පැහැදිලි කිරිම පිණිස ගත් අගයන් බව සළකන්න.
එවිට EUR = 4 USD
හරියට EUR = 1.3040 USD වගේ
හරි දැන් එය පැහැදිලියි .
දැන් ඔන්න EUR /USD මිළ 1.2830 කියන අගයට ළගා වුනා
දැන් EUR /USD අගය= 1.2830
දැන් EUR එකක ගන්න USD  1.2830 වැය වෙනවා.
පෙර අවස්ථාවේ EUR එකක් ගන්න ඩොලර් 1.3040ක් වැය උනා නමුත් දැන් වැය වෙන්නේ ඩොලර් 1.2830යි එයින් අදහස් වෙන්නේ කුමක්ද දැන් ඩොලරය ශක්තිමත් වෙලා කියන එක නේද?
පෙර අවස්ථාවේ EUR 10ක් ගන්න අපිට වැය වෙනවා ඩොලර් 13.04ක්
නමුත් දැන් අපිට EUR  10ක් ගන්න වැය වෙන්නේ ඩොලර් 12.83යි.
දැන අපිට පහසු උදාහරණයට අපි යමු.

අපි හිතමු EUR 1 වටිනාකම = 200
USD 1 වටිනාකම               = 50
පෙර අවස්ථාවේ 1 USD  වටිනකම =50
පෙර අවස්ථාවේ 1 EUR   වටිනකම  = 200

 දැන් USD වටිනාකම නොවෙනස් වු බව හිතන්න.
ඩොල්රයේ වටිනාකම 50 සිට 100 දක්වා වැඩි වුනා කියලා සිතමු. 

දැන් බලන්න අපේ උදාහරණයට අනුව EUR /USD  4 සිට මිළ 2  දක්වා අඩු වෙලා තියනවා.හරුයට 10 අපි 5න් බෙදුවොත් උත්තරය 2යි. 10 ය 2න් බෙදුවොත් උත්තරය 5යි  නේ . ඒකියන්නේ ලවය විශාල වෙන්න වෙන්න අපිට ලැබෙන පිළිතුර කුඩා වෙනවා.එකම තමයි මෙතනත් වෙලා තියෙන්නේ.එය හරියට  EUR /USD 1.3040 සිට 1.2830 දක්වා අඩු උනා වගේම තමයි.

මෙහිදි EUR වටිනාකම වෙනස් නොවුනත් USD තම වටිනාකම 50 සිට 100 දක්වා වැඩි කරගෙන තියනවා.
ඒ අනුව  අපි Sell Order  එකක දැමිමෙන් USD මිළට ගෙන තියනවා වටිනාකම50 ගානේ.
දැන් MARKET  මිළ පහළ ගිය විට USD  වටිනාකම 100ක් වෙලා තියනවා.
එව්ට උදාහරණයට අනුව අපේ  ලාභය 

100 – 50 = 50

 මෙහිදි මෙයට   Sell Order ලෙස හදුන්වන්නේSell Order ,Buy Order යන අවස්ථා දෙකේදිම මුලින් පවතින EUR මුදල් ඒකකය නිසවෙනි,
සරළවම කියනවනම් 

අපි Sell Order දැමිමෙන් මිළට ගන්නේ USD
BUY  Order දැමිමෙන් මිළට ගන්නේ EUR

මෙම ලාභ ලබන ආකාරය කාට හෝ නොතේරෙනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ.මෙය ඔබට අමතර කරුණකි.
මෙම පාඩමෙන් ඔබ හොදින් මතක තියා ගන්න මිළ පහළ යාමේදි Sell Ordersපමණක් යොදන බවත්,
මිළ ඉහළ යාමේදි පමණක් Buy Orders යොදන බවත්
දැන්නම් හොදටම පැහැදිලියි කියලා හිතනවා

0 comments :

Post a Comment